අනිකාට තර්ජනය කළ හඬ පටයේ පරික්ෂාවක්

ජන 09, 2019

    මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන් අනිකා විජේසුරිය සහ ඇයගේ පවුලේ අයට මරණ තර්ජන කිරීම සහ සාපරාධී බීය වැද්දීම ඇතුලු චෝදනා ඉදිරිපත් කර ඇති ශනිල් නෙත්තිකුමාරට එරෙහි නඩුවේ හඩ පරීක්ෂක වාර්තාව කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

    නඩුව ලබන මැයි 15 කැදවන්නැයි නියෝග කළ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා එදිනට එම හඬ වාර්තා නිකුත් කරණ ලෙසට දැනුම් දුන්නේය.

    රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් රජයේ රස පරීක්ෂක වාර්තාව කැඳවීම සඳහා දිනයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය නිකුත් කළේය.

    Latest News