එම වැඩසටහන අරඹමින් ඊයේ (03) දින ගොතටුව, වැලිකඩ පාරේ, අංක 21 දරන ස්ථානයේ නව මත්ස්‍ය වෙළදසැලක් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා දිවයින පුරා දුෂ්කර ප්‍රදේශවල ජනතාවට සහන මිලට මාළු මිලදී ගැනීම සඳහා මෙවැනි වෙළදසැල් රැසක් ඇරඹීමට කටයුතු කරන බව පැවසීය.
මෙම අවස්ථාව සඳහා ලංකා ධීවර සංස්ථාවේ සභාපති එස්.ඩබ්.එල් දවුලගල මහතා, ධීවර අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ සහ සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂ ක්‍රිශාන්ත රත්නවීර යන මහත්වරුන් ද සහභාගී විය.