අත්ට්‍රැක්ටරයේ රවුම නිමවූ හැටි (වීඩියෝ)

ජන 09, 2019
  • අත්ට්‍රැක්ටරයක් රියදුරුගේ පාලනයෙන් ගිලිහී අනතුරට ලක්වන අයුරු දැක්වෙන දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරන අයුරු දැකිය හැකියි.

    මිද්දෙණිය, කටුවන, හිඟුරකන්ද මැටිහක්ක වංගුව ප්‍රදේශයේ දී පසුගියදා මෙම සිදුව තිබේ. එකම පවුලේ මව, පියා, දියණිය හා තවත් තිදෙනෙක් මෙම අත්ට්‍රැක්කරයේ ගමන් කරන අයුරු දැක ගත හැකියි. කුරුඳු තැලීම සඳහා ඔවුන් ගමන් කළ අවස්ථාවේ දී අත්ට්‍රැක්ටරයේ එක් පසෙක ලීවරයක් සිරවීගොස් මෙම අනතුර සිදුව තිබේ.

    එහිදී එක තැන කිහිපවරක් කරකැවෙන අත් ට්‍රැක්ටරය නවතා ගැනීමට නොහැකිව අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ. එහි ගමන්කළ කුඩා දැරියේ හිසට ද තුවාල සිදුව තිබේ. අනතුර සිදුවූ අයුරු අසළ තිබූ ආරක්ෂක කැමරාවක සටහන්වී තිබූ අයුරු. 

    Latest News