රජයේ සෞභාග යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කෘෂි, වැවිලි, ධීවර, මැටි, බතික්, පිත්තල, මැණික්, ස්වර්ණාභරණ ඇතුළු කර්මාන්තවල නිරතවූවන් වෙනුවෙන්, මහජන බැංකුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ව්‍යවසායකයන්ට අස්වැන්න, වනිතා සවිය යන නමින් ණය ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණ. මීට සමගාමීව පොලතුගොඩ, පැතුම්ගම, බටුවිට, කහගල දකුණ යන ගම්මානවලින් සමන්විත මහජන බැංකු ක්‍ෂුද්‍ර මූල්‍ය ගම්මාන පියසේ ව්‍යවසායකයන්ගේ නිර්මාණ දැක්මක් ද සංවිධාන කර තිබිණ.