පෞද්ගලික උත්සව සඳහා ජනාධිපතිතුමාට ඇරයුම් නොකරන්නැයි කාරුණික ඉල්ලීමක් (වීඩියෝ)

සැප් 01, 2020
  • පෞද්ගලික උත්සව සඳහා ජනාධිපතිතුමාට ඇරයුම් නොකරන ලෙස සියලු දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ.

    ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ දෛනික නිල කාර්යයන්වලදී ප්‍රමුඛතාව දී ඇත්තේ ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටලු විසඳීම සඳහායි. එම කටයුතු පහසු කරගැනීම සඳහා එතුමාට පෞද්ගලික උත්සව සඳහා ආරාධනා කිරීමෙන් වැළැකී සිටින ලෙස ජනාධිපති කාර්යාලය දන්වා සිටී.

    ඒ අනුව, ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍ය හා සාද වැනි අවස්ථාවන්ට සහභාගි වීමට අපේක්‍ෂා නොකරන බැවින්, එවැනි අවස්ථා සඳහා ජනාධිපතිතුමාට ආරාධනා කිරීමෙන් වැළකී සිටිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ජනාධිපතිතුමා කෙරෙහි ඇති ගෞරවාදරය හා ප්‍රසාදය හේතුවෙන් බොහෝ දෙනා තම ජිවිතයේ වැදගත් අවස්ථාවන්ට එක්වන ලෙස එතුමාට ඇරයුම් කෙරේ. ජනතාව තමා කෙරෙහි ඇති එම බැඳීම ජනාධිපතිතුමා මහත් සේ අගය කරයි. එසේ වුව ද, නිල කටයුතුවලින් බැහැර තමාට ලැබෙන සෑම පැයම ජනතාවගේම අභිවෘද්ධිය පිණිස කැප කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අදිටන් කරගෙන සිටී.

    එම නිසා අදාළ කාරුණික ඉල්ලීම කෙරෙහි සියලු පාර්ශව අවධානය යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටී.

    Last modified on අඟහරුවාදා, 01 සැප්තැම්බර් 2020 19:49

    Latest News