මෝල් චූටි අත්අඩංගුවට

අගෝ 30, 2020

    කොළඹ උතුර පොලිස් කොට්ඨාසය සිදුකළ මෙහෙයුමකදී ග්‍රෑන්පාස් නවගම්පුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත මෝල් චූටි නමැති කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම කාන්තාව දීර්ඝ කාලයක් හෙරොයින් ජාවාරම්වල නිරතව ඇති බවයි, පොලිසිය පවසන්නේ.

    ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 20ක් සහ බැංකු පොත් පොලිස් භාරයට ගැනිණ.

    පසුගිය දින කිහිපය තුළ රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඇය මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සංසරණය කර ඇති බවයි, මෙහිදී අනාවරණය වුණේ.

    කොළඹ උතුරු පොලිස් කොට්ඨාසය මඟින් ප්‍රදේශ කිහිපයක සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතා සඳහන් කර සිටී.

    Latest News