කේරල ගංජා උතුරට බෙදාහරිමින් සිටි තුනක් අත්අඩංගුවට

අගෝ 30, 2020

    ඉන්දියාවෙන් ගෙන්වන ලද කේරල ගංජා තොගයක් උතුරු පළාතට බෙදාහරිමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    වව්නියාව යුද හමුදා බුද්ධි අංශය හා පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශය එක්ව සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනුණේ.

    ජාවාරම්කරුවන් භාවිත කළ සුඛෝපභෝගී මෝටර් රථයක් සහ තවත් කුඩා මෝටර් රථයක් ද මෙහිදී පොලිස් භාරයට ගැණින.

    ගංජා ග්‍රෑම් 8ක් සමඟ දෙහිවල සුජාතා මාවතේ දී මාලදිවයින් ජාතිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    දෙහිවල පොලිසියයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

    මේ අතර, විශේෂ කාර්ය බලකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව තනමල්විල සූරියආර ප්‍රදේශයේ වැටලීමක් සිදු කෙරිණ.

    එහිදී වියළි ගංජා කිලෝග්‍රෑම් 4ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News