සහරාන් විදෙස් ගතවූ බවට ඒ වනවිට කිසිදු තොරතුරක් රාජ්‍ය බුද්ධි සේවයට නොතිබූ බව ඔහු කියා සිටියේය. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ 21 වැනි දිනට ඊයේ සාක්ෂි ලබා දුන්නේය.
එහි දී සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සඳහා අවස්ථාව හිමිවූයේ, යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මේජර් ප්‍රදීප් පයාගල මහතාටයි. එහිදී ඔහු සාක්ෂිකරුගෙන් විමසා සිටියේ, පසුගිය වසරේ මාර්තු 24 වැනි දින රාජ්‍ය බුද්ධි සේවය වෙත ලැබුණු ලිපියක් පිළිබඳවයි.
එහිදී හෙළිදරව් වූයේ, මීට පෙර කොමිසම හමුවේ හෙලිදරව් වූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රිෆ්ඛාන් බදියුදීන්ගේ සහය ඇතිව සහරාන් හෂීම් ඉන්දියාවට පලාගොස් ඇති බවටවූ බුද්ධි තොරතුරයි.
නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි දෙමින් මීට පෙර කොමිසම හමුවේ ප්‍රකාශ කළේ, යුද හමුදා බුද්ධි සේවය විසින් ලබාදුන් අදාළ තොරතුර ඇතුළත් ලිපියේ එක් කොටසක සහරාන් ඉන්දියාවට පලාගොස් ඇති බවත්, තවත් කොටසකට සහරාන් රැඳී සිටින බවටත් සඳහන් කර තිබූ නිසා එහි පරස්පරතා මතුවූ බවයි. නිලන්ත ජයවර්ධන මහතා මීට පෙර සඳහන් කළ බව, නීතිඥ මේජර් ප්‍රදීප් පයාගල මහතා කොමිසම හමුවේ අවධාරණය කළේය.
අපි එවූ වාර්තාව සහරාන් පිළිබඳ විමර්ශනයට ඔබට බාධාවක් වූයේ ද යන්න එහිදී නීතිඥවරයා ප්‍රශ්න කළේය.
තමාට යුද හමුදා බුද්ධි අධ්යක්ෂවරයාගේ වාර්තාව සහරාන් ගැන සෙවීම සඳහා බාධාවන් නොවූ අතර යුද හමුදා බුද්ධි අංශයට පෙර තමාට බටහිර විදෙස් බලගතු බුද්ධි අංශයකින් සහරාන් හෂීම් විදෙස් රටක සිටින බවට තොරතුරු ලැබුණු බවයි, නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
අනතුරුව හරස් ප්‍රශ්න විමසීමේ අවස්ථාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ නීතිඥවරයාට හිමිවිය.
බොහොමයක් අවස්ථාවල, මාධ්‍ය නොමැතිව විමසීමටයි, කොමිසම තීරණය කළේ. ඉන් අනතුරුව යළි කොමිසමේ කටයුතු මාධ්‍යයට විවෘත වූ අතර, ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට නිලන්ත ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමේ අවස්ථාවක් අවශ්‍ය ද යන්නයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය එහිදී සඳහන් කළේ, මාගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇත්තේ, නිලන්ත ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමට අවශ්‍ය නොවන බව, යනුවෙන් ප්‍රකාශ කර සිටියේය. මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට නියෝග කලේ, වැඩිදුර සාක්ෂි විමසීම සඳහා යළි සැප්තැම්බර් 14 වැනි දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි.