මෙරට තාක්ෂණික, වෘත්තීය, අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්රයන්හී පුහුණුකරුවන් පුහුණු කිරීම ඇතුළු අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් සඳහා ඉන්දීය රජයේ සහයෝගය ලබාදිය හැකි බවයි, ඉන්දියාවේ මෙරට මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සඳහන් කරන්නේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (24) පැවති විශේෂ හමුවකදීයි ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ බව කියා සිටියේ.
ශ්‍රී ලංකාව වෙත දැනටමත් මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන ඇතුළු විවිධ ව්‍යාපෘති යටතේ සහාය දක්වන බවද ගෝපාල් බාග්ලේ මහතා පැවසුවා.
මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛතා ක්ෂේත්‍ර පෙන්වා දෙන්නේ නම් ඒ සදහා සහාය දිය හැකි බව ද ඒ මහතා කියා සිටියා.
සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමවේදය වෙනස් කිරීමේ කාලීන අවශ්‍යතාවක් ඇති බවයි, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා කියා සිටියේ.