කමිටු වාර්තාව අද විෂයභාර ඇමතිගේ විශේෂ විමර්ශනයට

අගෝ 25, 2020

    ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (25) දිනයේදී විෂයභාර අමාත්‍යවරයාගේ විශේෂ විමර්ශනයට ලක් කිරීමට නියමිතයි. ඒ හෙට (26) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමටද වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

    විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ඊයේ (24) පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශයේ දී බාර දුන් බව එම අමාත්‍යංශය සදහන් කරයි.

    අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙක්ගෙන් සමන්විත කමිටුව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

    කෙරවලපිටියේ බලාගාරයට යාබද ප්‍රධාන විදුලි උපපොළේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පසුගිය 17 වැනිදා දහවල් 12.30 ට පමණ ජාතික විදුලිබල පද්ධතිය බිඳවැටුණු අතර එය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට පැය 8 ක් පමණ ගත විය.

    Latest News