යෝෂිත රු.මිලියන 500ක වන්දියක් ඉල්ලයි

අගෝ 24, 2020

    සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුළ තමන්ගේ හෝටලයක් තිබෙන බවට පරිසරවේදී සජීව චාමිකර මහතා සිදුකළ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලමින් යෝෂිත රාජපක්ෂ මහතා එන්තරවාසියක් යොමුකර තිබේ.

    සිංහරාජ වනාන්තරය තුළ යොෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ඇති බවත්, සිංහරාජය හරහා මාර්ගයක් ඉදි කරනු ලබන්නේ ඊට ළඟාවන මාර්ගයට සම්බන්ධ කිරීමට බවත් සජීව චාමිකර මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණ.

    එම ප්‍රකාශය කිසිඳු සත්‍යතාවයක් නොමැති පදනම් විරහිත චෝදනාවක් බවත් ඉන් තමාට හා තමාගේ චරිතයට සිදු වූ පුද්ගල හානිය සම්බන්ධයෙන් මෙම එන්තරවාසිය යොමු කර තිබේ.

    යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ සමාගමක් යොමුකළ එන්තරවාසියේ දැක්වෙන්නේ,

    01  මෙම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව පිළිගනිමින් තමා‌ගෙන් සමාව ගැනීම

    02  මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍යයන්හි මෙම අසත්‍ය පුවත පළ කර ඇත්නම් එය ඉන් ඉවත් කරන ලෙස අදාළ ආයතන        හෝ පාර්ශවයන් දැනුම්වත් කිරීම හා අදාළ පුවත ඉවත් කිරීමට කටයුතු කිරීම

    03 අදාළ ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මාධ්‍ය නිවේදනයක් මඟින් මාධ්‍ය වෙත දැනුම්වත් කිරීම

    04 යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නැවත පදනම් විරහිත චෝදනා සිදු නොකරන බවට ප්‍රකාශ කිරීම

    05 දින 07ත් ඇතුළත් කෝටි 50 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීම යනාදියයි.

     

    වන්දිය නොගවන්නේ නම් දින හතක් ඇතුළත නඩු මගට පිවිසෙන බවත් අදාළ නීතිඥ සමාගම වැඩිදුරටත් දන්වා ඇත.

    Latest News