විදේශ රැකියා ප්‍රවර්ධනයට පස් අවුරුදු සැලැස්මක්

අගෝ 24, 2020

    විදේශ රැකියා ප්‍රවර්ධනයට පස් අවුරුදු සැලැස්මක් සකස් කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සඳහන් කළේ, එම සැලැස්ම සකස් කර ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

    කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලික පසුබෑමකට ලක්වී ඇති විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ, 2021 වසර ආරම්භය වන විට නව පිබිදීමක් ඇති කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දේශීය ආර්ථිකයට ශක්තිමත් දායකත්වයක් ලබා දෙන ආයතනයක් බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පත් කරන බවයි.

    විදේශ රැකියාලාභීන්ගේ විධිමත් තොරතුරු පද්ධතියක් ඇති කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    Latest News