අපරික්ෂාකාරී ලෙස මාර්ගය හරහා ගිය දැරිය අනතුරට

අගෝ 24, 2020

    අපරික්ෂාකාරී ලෙස මාර්ගය හරහා මාරුවීමට උත්සහ කළ පාසල් දැරියක් ත්‍රිරෝද රථයක ගැටි අනතුරට පත් වෙයි.

    බගවන්තලාව නගරයේදී අපරික්ෂාකාරී ලෙස මාර්ගය හරහා මාරු වීමට උත්සහ කළ කුඩා පාසල් දැරියක් ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක ගැටි තුවාල ලබා පාසල් දැරිය බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත (23) දින පස්වරුවේ ඇතුළත් කර ඇත.

    අනතුරෙන් තුවාල ලැබු පාසල් දැරිය ඇයගේ තවත් මිතුරන් සමග පැමිණ එකවරම ප්‍රධාන මාර්ගය හරහා මාරුවීමට උත්සහ කළ අවස්තාවේ බගවන්තලාව නගරය හරහා බගවන්තලාව තැපැල් කාර්යයාලය දෙසට ධාවනය වු ත්‍රිරෝද රථයක ගැටී පාසල් දැරිය තුවාල ලබා ඇත.

    අනතුර සිදුවන ආකාරය බගවන්තලාව නගරයේ වෙළඳසැලක සවිකර තිබු ආරක්ෂික කැමරාවක මෙසේ සටහන් විය.

    Latest News