විනාශ වෙමින් යවන දික්වැල්ල කඩොලාන පද්ධතිය

අගෝ 24, 2020

    දික්වැල්ල,දන්දෙනිය තොන්ඩිලේ ඇල මාර්ගයේ කඩොලාන පද්ධතිය අවහිර වීම නිසා බලවත් පාරිසරික හා සෞඛ්‍ය තර්ජනයක් ඇතිවි ඇතැයි, ප්‍රදේශවාසීන් පවසයි.

    දන්දෙනිය වැවේ සිට ගලායන ජලයෙන් මෙම ඇල මාර්ගය නිර්මාණය වී තිබේ. එහි අවසන් මී‍ටර් 600 ක පමණ දුර මෙම කොඩොලාන පද්ධතිය පිහිටා තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම පළාතට ආවේනික වූ ශාක වර්ග රැසක් මෙම පරිසර පද්ධතිය ආශ්‍රිතව වැවී තිබු බවයි. මේ කඩොලානවලටම ආවේනික මත්ස්‍ය හා සත්ව විශේෂයෙන් ජීවත්වූ බවත් ඔවුන් පවසයි.

    මේ වන විට එම ශාඛ, මත්ස්‍ය හා සත්ව විශේෂයන් විනාශවෙමින් පවතින බව ද ඔවුන් පවසයි. මෙසේ අපවිත්‍රවූ ඇල මාර්ගය බතීගම රෝහල ආසන්නයේම පිහිටා තිබෙන බව ඔවුන් පවසයි. මෙම ඇල මාර්ගය අවහිර වීම නිසා වැස්ස අධික දිනයන්හි ඇතිවන ගංවතුර තත්වයන් රෝහල් ගොඩනැගිලි ආක්‍රමණය කරන බව ද රෝහල් ප්‍රකාශකයෙක් පවසයි. මෙම කඩොලාන පද්ධතිය පිරිසිදුකර පල්වූ ජලය බැස යාමට කටයුතු කරන ලෙස වගකිව යුතු අංශ වලින් ඉල්ලා සිටියි.

    Latest News