කොවිඩ් 19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,765ක්

අගෝ 21, 2020

    දිවයින පුරා සිදු කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණ සංඛ්‍යාව ලක්‍ෂ 2ක ඉක්මවා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    ඊයේ දිනය තුළ කර ඇති පී.සී.ආර්. පරීක්‍ෂණ සංඛ්‍යාව 2,876ක්. මෙරට සිදු කර ඇති සමස්ත පී.සී.ආර්. පරීක්‍ෂණ සංඛ්‍යාව දෙලක්‍ෂ 148ක්.

    කොවිඩ් 19 රෝගය වැළඳුණු 16 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා විය. ඔවුන් සියලු දෙනා චෙන්නායි සිට පැමිණි පුද්ගලයින්.

    කොවිඩ් 19 රෝගය වැළඳුණු 2,765 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 94.45ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, 142කු පමණි. එම ප්‍රතිශතය 4.8ක්.

    කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනා ගැනුණු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 629ක්. ඔවුන්ගෙන් 570 දෙනෙකුම මේ වනවිට පූර්ණ සුවය ලබා අවසන්. එම ප්‍රතිශතය 90.62ක්. තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ, 59ක් පමණි. ප්‍රතිශතයක් ලෙස ගත්විට එය 9.37ක්.

    දිවයිනට පැමිණිමට නොහැකිව තායිලන්තයේ රැඳී සිටි පිරිසක් අද උදේ පැමිණියේය. එම පිරිසට 89ක් අයත්. ඔවුන් සියලු දෙනාම ගුවන්තොටුපලේදී පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා ලක් කෙරිණ. ඉන් අනතුරුව නිරෝධායනයට යොමු කෙරිණ.

    Latest News