පීලි පැනීමට ලක් වූ දුම්රිය මාර්ගය කඩිනමින් යථාතත්වයට

අගෝ 18, 2020

    පිලී පැනිමට ලක් වු දුම්රිය මැදිරිය පිලිගත කිරිමේ කටයුතු ආරම්භ කෙරේ.

    උඩරට දුම්රිය මාර්ගයේ ගමන ගමනයට තවදුරටත් බාධා.

    නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු 1029 මගී ප්‍රවාහන දුම්රියේ පීලි පැනීමට ලක් වු දුම්රිය මැදිරිය පීලිගත කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

    නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු 1029 මගී ප්‍රවාහන දුම්රිය (18) දින උදැසන 9.30ට පමණ වටවල සහ ගලබෙඩ දුම්රිය ස්ථාන දෙක අතර වේවැල්තලාව 98 සැතපුම් කණුව අසලදී එම දුම්රියේ මැදිරියක් පීලි පැනිමට ලක් විය.

    දුම්රිය මැදිරිය පීලි පැනිම නිසා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත්, ධාවනය වු පොඩි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රියන්, විශේෂ දුම්රියත්, දුම්රිය මැදිරිය පීලි පැනිමට ලක් වු ස්ථානය දක්වා ධාවනය කර මගීන්ව දුම්රියන් අතර මාරු කර සිය ගමනාන්තය දක්වා යැවීමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබිණි.

    දුම්රිය මැදිරිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද අලාභ හානි සිදුව ඇත.

    Latest News