වැලිගෙපොල පොලිස් භට නිවාසයේ ගින්නක්..

අගෝ 18, 2020

    වැලිගෙපොල පොලිස් භට නිවාසයේ ඊයේ රාත්‍රීයේ ගින්නක් හටගෙන තිබේ.

    අප වාර්තාකරු ප්‍රකාශ කළේ, ඊයේ රාත්‍රි 8.30 – 9.00 ත් අතර මෙම ගින්න හට ගත් බවයි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කරන බව පොලීසිය පවසයි. ගින්නෙන් භට නිවාසයේ තිබූ පොලිස් නිලධාරීන් සතු ලිපි ලේඛන සහ නිල ඇඳුම් ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වෙයි.

    Latest News