ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හෙට ලබා දෙන්න - මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

අගෝ 13, 2020

    මහ මැතිවරණයෙන් පසු සිය දේශපාලන පක්ෂ වලින් ඉදිරිපත් කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හෙට (14) දිනය වන විට ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කර තිබේ.

    එහෙත් පක්ෂ කිහිපයක් මේ වනවිටත් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර නම් කර නැහැ.

    කෙසේ වෙතත් මෙතෙක් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ප්‍රකාශයට පත් නොකළ සමගි ජන බලවේගය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07 ඊයේ (12) පස්වරුවේ නම් කර ඇති බව වාර්තා වේ.

    සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීමත් සමග මේ වනවිට මෙවර පාර්ලිමේන්තුව සඳහා ජාතික ලැයිස්තුවෙන් නම් කිරීමට ඉතිරිව ඇත්තේ මන්ත්‍රී ධූර දෙකක් පමණයි.

    ඒ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය සහ අපේ ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ධුරයයි.

    ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කිරිමට එම පක්ෂය ඊයේ තීරණය කර තිබුණි.

    Latest News