පශ්චාත් මැතිවරණ සමය සාමකාමියි - කැෆේ සංවිධානය

අගෝ 13, 2020

    පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව කැෆේ සංවිධානය පවසයි.

    එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පෙන්වාදුන්නේ මැතිවරණයෙන් පසු ගෙවුණු සතිය පුරා කළ නිරීක්ෂණ වලින් පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව නිරීක්ෂණය කළ හැකිවූ බවයි.

    පශ්චාත් මැතිවරණ සමය තුළ කැෆේ සංවිධානයට පැමිණිලි 39ක් ලැබී ඇති බවත් ඒවා එතරම් බරපතළ සිදුවීම් නොවන බවත් කැෆේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

    මේ අතරින් බහුතරය වාර්තා වී ඇත්තේ මැතිවරණ නීති නොතකමින් නීතිවිරෝධී ලෙස රථ පෙළපාලිවල නිරතවීම ආදී කරුණු බව ද කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.

    සිවිල් සංවිධාන දියත් කළ වැඩසටහන් මෙන්ම මැතිවරණ නීතිය ඉතා හොඳින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවර පශ්චාත් මැතිවරණය සමය සාමකාමී වූ බව ද කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

    Latest News