හරිනි අමරසුරිය මාලිමාවෙන් ජාතික ලැයිස්තුවට

අගෝ 12, 2020

    මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පත් කිරිමට එහි විධායක සභාව තීරණය කර ඇති බව එම සංවිධානය අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

    හරිනි අමරසුරිය මහත්මිය ජාතික ජනබලවේගයට අනුබද්ධ ජාතික විද්වත් සංවිධානයේ අධ්‍යාපන හා ප්‍රතිපත්ති කමිටුවේ සමාජිකාවකි.

    විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාර්යවරියක් ලෙස ද කටයුතු කරනු කරනු ලැබ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධානයේ ලේකම්වරියක ලෙස ද ඇය කළක් කටයුතු කර තිබේ.

    Latest News