විද්‍යාපීඨ අයැදුම්පත් ඔන්ලයින් ක්‍රමයට

අගෝ 12, 2020

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා මාර්ගගත (online) ක්‍රමයට පමණක් අයැදුම්පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

    අයැදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනය ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව පැවසේ.

    මෙවර විද්‍යාපීඨවලට සිසුන් හාරදහස් දෙසිය පනස් දෙනෙක් පමණ ඇතුළත් කර ගැනීමට නියමිතය.

    පසුගිය 2018 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට සුදුසුකම් ලැබූවන් පමණක් මෙවර ඇතුළත් කර ගැනෙන අතර ඉකුත් වසරේ දී ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට අමාත්‍යාංශය පියවර ගත්තේය.

     

    Latest News