තද සුළං සහ රළු මුහුද - කාලගුණයෙන් රතු නිවේදනයක්

අගෝ 05, 2020

    තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60 - 70ක් දක්වා වැඩි විය හැකිය.

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය.

    ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක වන අතර, නාවික ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධනයෙන් කටයුතු කරන්නැයි ඉල්ලා සිටී.

    බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 - 2.5ත් අතර ඉහළ යා හැකි බවත් රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News