මහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ ආශිර්වාද පූජාවට ජනපති එක්වෙයි

අගෝ 04, 2020

    මහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ විශේෂ ආශිර්වාද පූජාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (03) පස්වරුවේ එක් විය.

    ශ්‍රී විෂ්ණු දේවාලයට පැමිණි ජනාධිපතිතුමා දේවාලය භාර නිලමේවරු විසින් පිළිගනු ලැබිණ. දේවාභරණ වැඩමවීමේ අවස්ථාවට සහභාගි වූ රාජපක්ෂ මැතිතුමා නිලමේවරයා හස්තිරාජයා මත කරඬුව තැන්පත් කිරීමෙන් පසු පුෂ්පෝපහාර දැක්වීය. ජනාධිපතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිණිය ඊයේ රත්‍රීයේ ඇසළ පෙරහර නැරඹීමට ද එක් වූහ.

    Latest News