සත්ව හිංසනය වලකන්න රජයට බලපැමක් (වීඩියෝ)

ජන 05, 2019
  • සිවිල් සංවිධාන කීපයක් සත්ව හිංසනය වළක්වන ලෙස ඉල්ලා අරලියගහ මන්දිරය ඉදිරිපිට අද (5) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්විය. 

    මීගමුව ප්‍රදේශයේදී බල්ලෙකු මරාදැමීම ඇතුළුව සතුන්ට වන හිංසනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී. එමෙන්ම ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ දැනට ක්‍රියාත්මක නීති දැඩි කරන ලෙසයි.

    ඔවුන්ගේ ඉල්ලිම් ඇතුළත් සංදේශයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයට භාර දෙනු ලැබිණ.

    මීගමු - කොප්පරා හංදිය නිවසක සිටි ලැබ්රඩෝ වර්ගයේ සුනඛයෙකු ගිනි තබා අමානුෂීය ලෙස ඝාතන කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් (38)  අද පෙරියමුල්ලේ දී අත්අඩංගුවට ගැනිණ. 

    Last modified on සෙනසුරාදා, 05 ජනවාරි 2019 21:32

    Latest News