මුහුදු රළ ඉහළ යාමේ අවදානමක්..

ජූලි 27, 2020

    බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0 - 3.0 ක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී. එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවිය හැකියි. ධීවර සහ නාවුක ප්‍රජාව සහ වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි.

    Last modified on සදුදා, 27 ජූලි 2020 17:55

    Latest News