මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී සම්පායෝ ගේ පෙත්සම සළකා බැලීම හෙට

ජූලි 27, 2020

    තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාී අනුරුද්ධ සම්පායෝ විසින් ඉදිරිපත් කර තිබෙන නව පෙත්සම සළකා බැලීම සඳහා හෙට (28) පස්වරු 2.30ට කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

    එම නියෝගය නිකුත් කළේ අද (27) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවනු ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, පෙත්සම්කරු විසින් ගොනුකළ බව කියන නව පෙත්සමට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බව සඳහන් කර තිබේ.

    එහිදී සභාපති විනිසුරු නවාස් මහතා පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අමතමින් නව පෙත්සමකට අදාළ ලේඛන නීතිපතිවරයා වෙත භාර නොදී තිබෙන අවස්ථාවක මෙම පෙත්සම සළකා බලන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

    ඒ අනුව නව පෙත්සමක් අද ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියම කළ විනිසුරු මඬුල්ල එය හෙට පස්වරු 2.30 ට සළකා බැලීම සඳහා කැඳවන බව ද නිවේදනය කළේය.

    Latest News