366 ක් අද නිරෝධායනය අවසන් කරයි

ජූලි 26, 2020

    නිරෝධායනය අවසන් කළ තවත් 366 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව යති.

    හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, මේ වනවිට නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 26,563 දෙනෙකු නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවයි.

    මධ්‍යස්ථාන 45 ක පුද්ගලයින් 3920 දෙනෙකු මේ වනවිට නිරෝධයනය වෙමින් සිටින බව ද ඔහු පැවසුවේය.

    මේ අතර කොරෝනා ආසාදිත බව තහවුරු කිරීම සඳහා කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ 1310 ක් ඊයේ දිනයේ සිදුකර තිබේ.

    ඒ අනුව මේ වනවිට මෙරට සිදු කර ඇති සමස්ත පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව 149,196 ක්.

    Latest News