වේදිකා නාට්‍ය යළි ප්‍රදර්ශනයට

ජූලි 25, 2020

    කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නවතා දැමීමට සිදුවු වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනූව, මාස ගණනාවකට පසු වේදිකා නාට්‍ය දෙකක් ඊයේ සවස වේදිකාගත කෙරිණ.

    මෙලෙස වේදිකාගත කරනු ලැබුවේ, හෙන්රි ජයසේන නිර්මාණය කළ හුණුවටේ කතාව සහ සයිමන් නවගත්තේගමගේ සුබ හා යස යන වේදිකා නාට්‍ය දෙකයි. ඒ ටවර්හෝල් හා එලිෆින්ස්ටන් යන රංගශාලාවලදී. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එක්ව සිටියේය.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල, ස්වාධීන රූපවාහිනී සේවයේ සුදත් රෝහණ යන මහත්වරුන්ද, මේ අවස්ථාවට එක්විය.

    නාට්‍ය වේදිකාගත කෙරුණේ, සවස 3.00 සහ 6.30 ටයි. නාට්‍ය නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටි බව සංවිධායකයින් ප්‍රකාශ කළේය.

    Latest News