මෝටර් රථ අනතුරින් එකම පවුලේ මව සහ පියා මරුට

ජූලි 24, 2020

    යක්කල, රඳාවාන මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් එකම පවුලේ මව සහ පියා මියගොස් තිබේ.

    සිද්ධියෙන් තුවාල ලැබූ ඔවුන්ගේ දරුවන් තිදෙනා සහ රියදුරා රෝහල් ගත කෙරිණ. මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටුණු මෝටර් රථය දෙකට කැඩී තිබේ. අනතුර සිදුව ඇත්තේ, ඊයේ රාත්‍රී 11.15ට පමණ. වාහනයේ 06 දෙනෙකු ගමන්කර ඇතැයි යක්කල පොලිසිය පවසයි. ඔවුන් ගම්පහ, කිනිගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    මියගොස් ඇත්තේ අවුරුදු 43ක පිරිමි පුද්ගලයෙක් සහ අවුරුදු 40ක ඔහුගේ බිරිඳයි. තුවාල ලබා රෝහල් ගත කෙරුණේ, 20 හැවිරිදි සහ 13 හැවිරිදි දියණියන් දෙදෙනා සහ 18 හැවිරිදි පිරිමි දරුවායි. පිරිමි දරුවා බරපතල තුවාල ලබා ඇතැයි, යක්කල පොලිසිය පවසයි. රියදුරු, සුළු තුවාල ලබා තිබේ.

    Latest News