පොරමඩුල්ල සිසුන්ට ක්‍රීඩා පිටියක්

ජූලි 22, 2020

    ඉල්ලීම් විවිධාකාරයි. පුංචි දරුවන්ගේ ඉල්ලීම් බොහෝම අහිංසක ඉල්ලීම්.

    එම ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න පුළුවන් බොහොම සංවේදී හිත් තියෙන මිනිසුන්ට. ඊයේ අපි දක්කා පුංචි හිත්වල තිබුණු ලොකු බලාපොරොත්තුවක් කිසිම ලෝබකමන් නැතිව ඉටුවුණා.

    ඊයේ ජනාධිපතිතුමා නුවරඑළිය දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත විය. දිස්ත්‍රික්කයේ පවතින අඩුපාඩු සහ ජනතා අවශ්‍යතා පිළිබඳව ජනතාව, එතුමාව දැනුවත් කළේය. එහි එක් ඉල්ලීමක් ඉදිරිපත් කළේ, පොරමඩුල්ල විද්‍යාලයේ සිසුන්. ඒ සිසුන්ගේ ඉල්ලීම වූයේ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය කර එය පාසල සමඟ යා කරමින් පාලමක් ඉදිකර දෙන ලෙසයි. ඒ ඉල්ලීම ඊයේ ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයා වෙත යොමු කළේය.

    පොරමඩුල්ල විද්‍යාලයේ සිසුන්ට අද නැවුම් දවසක් උදාවුණා. විදුහල් ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමට යුද හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට කණ්ඩායම් අද එහි පැමිණියේය. පළමු අදියර යටතේ ඉදිකෙරෙන්නේ ක්‍රීඩාගාරයයි. එහි අත්තිවාරම සකස් කිරීමයි, අද ආරම්භ කෙරුණේ. දෙවැනි අදියර යටතේ, ගුවන් පාලම ඉදිකිරීමට නියමිතයි. මධ්‍යම පළාතේ ක්‍රීඩාංගණ අතුරින් පාසලක් සතු විශාලතම ක්‍රීඩාපිටිය ඇත්තේ, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේය.

    Latest News