260කගේ PCR වාර්තා Negative

ජූලි 19, 2020

    නිරෝධායන කටයුතු සඳහා හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබු හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ 16 දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

    හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ ස්ථානභාර වෛද්‍ය නිලධාරි වෛද්‍ය සන්දිර ජයකොඩි පැවසුවේ ඔවුන්ට සිදුකළ PCR පරික්ෂණවලදි එය තහවුරු වූ බවයි.

    මෙම පිරිසගේ් PCR පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකෙරිණ.

    හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබු පොලිස් අධිකාරිවරයකු, සහකාර පොලිස් අධිකාරිවරයකු, කාන්තා පොලිස් සැරයන්වරියන් තිදෙනෙකු, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු, පොලිස් රියදුරන් 02නෙකු, සිවිල් පුද්ගලයින් 04 දෙනෙකු, කුඩා දරුවන් 03 දෙනෙකු මෙලෙස PCR පරික්ෂණවලට ලක්කල බවයි, ප‍්‍රකාශ කෙරුණේ.

    හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරන පොලිස් සැරයන්වරියකගේ පුතෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති අතර, පසුව පොලිස් සැරයන්වරියට ද කොරෝනා වෛරසය ආසාදනයවී තිබිණ.

    පොලිස් සැරයන්වරියගේ පුත‍්‍රයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරියෙක්.

    Latest News