තැපැල් ඡන්දය ඡායාරූපයකට ගත් ගුරුවරයා හෙට(20) අධිකරණයට

ජූලි 19, 2020

    සලකුණු කල තැපැල් ඡන්ද පත්‍රිකාවක් සිය ජංගම දුරකථනයෙන් ඡායාරුප කල මුතුර් අධ්‍යාපන කලාපයට අයත් පාසලක සේවය කරන ගුරුවරයෙකුට එරෙහිව හෙට (20) මුතුර් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරණ බව මුතුර් පොලිසිය පවසනවා.

    මහමැතිවරණය සඳහා රාජ්‍ය සේවකයන්ට තැපැල් ජන්දය සළකුණු කිරීමට තිබු ඉකුත් 15 වැනි දින මුතුර් කලාප අධ්‍යාපන කාර්යාලයට තැපැල් ඡන්ද සළකුණු කිරිමට පැමිණි මෙම පාසල් ගුරුවරයා සිය ජංගම දුරකථනයෙන් සලකුණු කල තැපැල් ඡන්ද පත්‍රිකාව ඡායාරුප ගත කිරිම සම්බන්ධයෙන් සැකකරුගේ ජංගම දුරකථනය මැතිවරණ නිලධාරින් සිය භාරයට ගෙන තිබුණා.

    සැකකාර පාසල් ගුරුවරයා තම තැපැල් ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ, තම පුංචි පුතා ඡන්දයක් යැයි කියන්නේ කුමක්දැයි නිතර විමසන නිසා ඔහුට එය තේරුම් කර දීමට සළකුණු කල තැපැල් ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කල බවයි.

    මේ සම්බන්ධයෙන් කරුණු දක්වන නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (නැගෙනහිර) එස්. සුදාකරන් පැවසුවේ ආදර්ශ ජන්ද පත්‍රිකා ලග තබා ගැනීම, ජන්ද පත්‍රිකාවක් ඡායාරූප ගැනීම 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු ඡන්ද විමසිම් පනතේ 66 වගන්තිය අනුව වරදක් බවයි.

    Latest News