එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ (වීඩියෝ)

ජූලි 17, 2020
  • මහ මැතිවරණය සඳහා වූ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ එළිදැක්විණ.

    පිටකෝට්ටේ, සිරිකොත පක්‍ෂ මූපලස්ථානයෙහි පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ, පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි.

    එය එළිදැක්වුණේ, ඩිජිටල් තාක්‍ෂණය භාවිත කරමින්. ආර්ථික සංවර්ධනය පදනම් කරගත්, ක්‍ෂෙත්‍ර රැසක දියුණුව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    බටහිර කොළඹ මැතිවරණ කොට්ඨාසයේ නව පක්‍ෂ කාර්යාලයක් කොල්ලුපිටිය ඇල්ෆ්‍රඩ් මාවතේ දී ඊයේ විවෘත කෙරිණ. පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 17 ජූලි 2020 19:15

    Latest News