වාලච්චේන කඩදාසි ලබන 30 සිට වෙළඳපොලට

ජූලි 17, 2020

    යළි ආරම්භ කෙරුණු වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප්‍රථම නිෂ්පාදනය වන ටොන් 30ක කඩදාසි තොගය ලබන 30 වැනිදා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

    කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා මේ බව කියා සිටියේය.

    මෙරට ප්‍රථම කඩදාසි කර්මාන්ත ශාලාව වන වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරුණේ, 1956 වසරේදී. දෛනිකව මෙට්‍රික් ටොන් 60ක පමණ විවිධ වර්ගයේ කඩදාසි මෙම කර්මාන්ත ශාලාවෙන් නිපදවනු ලැබීය. 2015 වසරේදී බෝඩ් නිපදවන යන්ත්‍රය අක්‍රීය වීමත් සමඟ මෙරට කඩදාසි නිෂ්පාදන ධාරිතාව ශූන්‍ය මට්ටමට පත්විය.

    Latest News