නාවික හමුදාපති ජනපති-අගමැති හමුවෙයි

ජන 03, 2019

    නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසේ.


    හමුව, ජනාධිපති නිල නිවසේදී අද උදේ සිදුවිය. නාවික හමුදාපති ධූරයේ වැඩ බාරගැනීමෙන් අනතුරුව, රාජ්‍ය නායකයා හමුවීමේ සම්ප්‍රදාය ඉටු කරමින් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ජනාධිපති නිල නිවසට පැමිණියේය. සාම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කරගැනීම ද මෙහිදී සිදුවිය.

    Pm px 900 19 01 03

    මේ අතර, නව නාවික හමුදාපතිවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අද පස්වරුවේ මුණ ගැසුණේය. මෙහිදී ඔහු අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් ප්‍රදානය කළේය. අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ආරක්‍ෂක උපදේශක විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමිත් බාලසුරිය යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජනවාරි 2019 19:28

    Latest News