තැපැල් ඡන්දය අද දෙවැනි දිනටත්

ජූලි 14, 2020

    2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද දෙවන දිනටත් සිදු කෙරේ. තව සුළු වේලාවකින් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වෙයි.

    පොලිස් ස්ථාන,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආරක්ෂක හමුදා, සෞඛ්‍ය අංශ, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සිදු කෙරේ.

    ඊයේ දිනයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩලය සඳහා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබිණ.

    වැඩිම තැපැල් ඡන්ද දායකයන් සංඛ්‍යාවක් ලියාපදිංචිව සිටින්නේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එය සංඛ්‍යාව 76,000ක්. දිවයින පුරා සියලුම තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානවල මැතිවරණ නිලධාරීන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සහ පොලීසියේ අධීක්ෂණය යටතේ ඡන්ද විමසීම සිදු කෙරේ.

    Latest News