රාජ්‍ය සේවකයාට ව්‍යවස්ථාව තුළින් ආරක්‍ෂාව සපයනවා - අගමැති (වීඩියෝ)

ජූලි 12, 2020
  • දේශපාලන පළිගැනීම් කළ නොහැකි ලෙස රාජ්‍ය සේවකයාට ව්‍යවස්ථාව තුළින් ආරක්‍ෂාව සැපයීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    යහපාලන රජය සමයේ සිදුවූ දේශපාලන පළිගැනීම් හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට අහිමි වූ සෑම අයිතිවාසිකමක්ම නැවතත් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    මහින්ද රාජපක්‍ෂ මහතා මේ අදහස් පළ කළේ, මහරගම නගරයේ අද පැවති ජන හමුවක් අමතමින්.

    අග්‍රාමාත්‍යවරයා සහභාගි වූ තවත් ජනහමුවක් පැවැත්වුණේ පාදුක්ක නගරයේදී.

    පිළියන්දල ප්‍රදේශයේ දී ද ජනහමුවක් පැවැත්විණ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එය සංවිධාන කරනු ලැබුවේ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා විසින්. බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා, අග්‍රාමාත්‍යවරයා අතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය.

    Last modified on ඉරිදා, 12 ජූලි 2020 20:24

    Latest News