ජංගම දුරකථනයට අකුණු සැර වැදී තරුණයෙකු මරුට

ජූලි 10, 2020

    බුත්තල පොලිස් වසමේ ඌව පැල්වත්ත 06 කණුව කුඹුරු යායක් අසළ දී අකුණු සැර වැදීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

    ඊයේ (09) බුත්තල පොලිස් වසමේ ඌව පැල්වත්ත, 06 කණුව ප්‍රදේශයේ දී මෙය සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

    කුඹුරු යායක ගොයම් කපමින් සිටි මවක් සහ පුතෙකු එම ප්‍රදේශයට ඇද හැළුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් තේක්ක ගසක් යටට ගොස් තිබේ. එහිදී තරුණයාගේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනයට අකුණු සැර වැදී ඇති අතර ඒ සමගම ඔහු බිම ඇද වැටී ඇති බව වාර්තා වේ

    එම තරුණයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වැල්ලවාය රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

    එලෙස මියගොස් ඇත්තේ පස්සර පාර, ඌව පැල්වත්ත, බුත්තල ලිපිනයේ පදිංචි 25 හැවිරිදි අව්වාහක තරුණයෙකි. මළ සිරුර වැල්ලවාය මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) සිදු කිරීමට නියමිතය.

    Latest News