උතුරේ ජනතාවට සහන සැලසීමට කැප වූවාට ජනපතිගෙන් තුති

ජන 02, 2019

    අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට කඩිනම් සහන සලසමින් සුබසාධන සේවාවන්ට අඛණ්ඩ ව කැපවූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සියලූ සාමාජිකයන්ටත්, පළාත් ආණ්ඩුකාරවරු, රාජ්‍ය නිලධාරින්, ස්වේච්ඡා සංවිධාන ඇතුළු සියලූ පිරිස් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මහතා සිය ස්තූතිය පිරිනමයි.

     විපතට පත් උතුරේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජනපතිගේ මගපෙන්වීමෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලදී.

    ගංවතුරට හසු වූ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් කඩිනමින් ක්‍රියාවට නැංවුණු අතර ඔවුන්ගේ කැපවීම හේතුවෙන් ජීවිත සහ දේපළ හානි ඉතා අවම කර ගැනීමට හැකියාව ලැබිණි. ආරක්ෂක අංශ සාමාජිකයන් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් දිවා රාත‍්‍රී සේවයේ නිරත වෙමින් විපතට පත් ජනතාවට අවශ්‍ය සුබසාධන සේවාවන් අඛණ්ඩ ව ක්‍රියාවට නැංවූහ.

    තම සහෝදර රටවැසි ජනතාව විපතට පත් වූ අවස්ථාවේ, තම වගකීම් නිසි ලෙස ඉටුකරමින් මානුෂීය සේවාවක් වෙනුවෙන් කැප වූ සියලූ දෙනාගේ සේවාව ජනාධිපතිතුමා ඇගැයීමට ලක් කරයි.

    Latest News