ශ්‍රී ලංකාවේ ලෝක බැංකු නේවාසික අධ්‍යක්ෂ ලෙස ෆාරිස් හදද් සර්වෝස් පත්කෙරේ

ජූලි 02, 2020

    අද සිට ක්‍රියාත්මක වන පරිදි මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු නේවාසික අධ්‍යක්ෂවරයා ලෙස ෆාරිස් හදද් - සර්වෝස් මහතා පත්කර ඇති බව ලෝක බැංකුව නිවේදනය කළේය.

    ඔහු විසින් නේපාලයේ, කත්මණ්ඩු නුවර පිහිටි ලෝක බැංකු කලාප කාර්යාලයේ සිට සිය කටයුතු මෙහෙයවනු ඇති. නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු සපයන ඩොලර් බිලියන 5.5 ක පමණ ආධාරක වැඩසටහන් ඔහු විසින් අධික්ෂණය කරන බව, ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

    මේ අතර, ලෝක බැංකුවේ නව නේවාසික කළමනාකාරු චීඕ කණ්ඩා මහත්මිය ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබාදෙන අමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක ආසන්න ණය පහසුකම් වලට අදාළ කටයුතු අධීක්ෂණය කරනු ඇති බව ලෝක බැංකුව පවසයි.

    මේ අතර, COVID - 19 වසංගතයෙන් අර්ථික හා සෞඛ්‍ය ගැටලු විසඳීමට ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීම වෙනුවෙන් වන ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, මේ දක්වා COVID - 19 වසංගතය ඵළදායී ලෙස පාලනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බවයි.

    ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම ජනතාවගේ රැකියා සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීම දැන් රට හමුවේ ඇති අභියෝග බව ද එහි සඳහන්ය.

    ජපන් වැසියකු වන චීඕ මහත්මිය 1994 දී ලෝක බැංකුවට එක්ව ඇත.

    ඇය ලෝක බැංකුවේ අප්‍රිකානු කලාපයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥවරිය ඇතුළු තනතුරු කිහිපයක් හොබවා ඇති බව ද සඳහන් වේ.

     

     

    Latest News