ඡන්ද පැමිණිලි ඉදිරිපත් කිරීමට දුරකථන අංක

ජූලි 02, 2020

    පාර්ලිමේන්තු මැතිවරණය 2020 නිරීක්ෂණ කටයුතු සඳහා සියල්ල සූදානම් බව පැෆරල් සංවිධානය පවසයි.

    මැතිවරණ කටයුතු පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට ඒ ඒ පළාත් සඳහා දුරකථන අංක ප්‍රසිද්ධ කර ඇති අතර ජාතික මට්ටමින් පැමිණිලි ඉදිරිපත් කිරීමට ද අංකයක් ප්‍රසිද්ධ කර ඇත.

    0112 585 570, 0112 558 574 යන දුරකථන අංක ඔස්සේ මැතිවරණ කටයුතු සම්බන්ධ ඕනෑම පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකියි.

    මැතිවරණ දිනයේ ස්ථානගත නිරීක්ෂකයන් 3000ක් යෙදවීමට අදාළ පුහුණුවීම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, එම පිරිස තෝරාගත් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට බලාපොරොත්තු වේ.

    ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු සිදුවන අතරතුරදී ඒවායේ තත්ත්වය නිරීක්ෂණය සඳහා ජංගම නිරීක්ෂණ කණ්ඩායම් 200ක් යෙදවීමට බලාපොරොත්තු වන අතර, ඒ සඳහා නිරීක්ෂකයන් 1000ක් යොදවනු ඇති.

     

    Latest News