මැතිවරණයේ සමස්ත නිරීක්ෂණ ක්‍රියාවලියට 5000 ක්

ජූලි 01, 2020

    මැතිවරණ දිනය තුළ සමස්ත නිරික්ෂණ ක්‍රියාවලිය සඳහා 5000ට වැඩි පිරිසක් යෙදවීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

    ස්ථානගත කිරීමට නිරීක්ෂකයින් 3000ක් යෙදවීමට අදාළ පුහුණුවීම් මේ වනවිට ආරම්භ කර ඇති අතර, එම පිරිස තෝරාගත් මධ්‍යස්ථාන සඳහා යොදවන බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

    අතරතුර තත්ත්වය නිරීක්ෂණය සඳහා ජංගම නිරීක්ෂණ කණ්ඩායම් 200 ක් යෙදවීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා නිරික්ෂකයින් 1000ක් යෙදවීමට කටයුතු කරන බවත් එම සංවිධානය කියා සිටී.

    රට යථා තත්ත්වයට පත්වීමෙන් පසුව නිරීක්ෂණ කාර්යය ඉකුත් 15 වැනි දින ආරම්භ කළ අතර, එදින සිට ජූලි 01 වැනි දින දක්වා වාර්තා වී ඇති සමස්ත පැමීණිලි සංඛ්‍යව 229 අතරින් සිදුවීම් 114ක් තහවුරු කරගෙන තිබේ.

     

    Latest News