වව්නියාවේ බස් රථ අනතුරකින් 15ක් රෝහලේ

ජූනි 27, 2020

    වවුනියාව, ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ අද (27) අලුයම සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙක් තුවාල ලබා තිබේ.

    අනතුර සිදුවුණේ කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් අධි සුඛෝපභෝගී බස් රථයක් පෙරළීමෙන්.තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරුවන්ගෙන් පහළොස් දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල වන අතර, තුවාලකරුවන් 05ක් සුළු තුවාල ලබා තිබේ.

    බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම අනතුරට හේතුවී ඇති බවට පොලීසිය සැක පලකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    Latest News