මෙරට ආසාදිතයින් ගණන 2014ක්

ජූනි 27, 2020

    මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2014ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් සිව් දෙනාත් සමඟයි.

    පාකිස්ථානයේ සිට පැමිණ මියන්කුලම සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි සිව් දෙනෙක්ට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනිණ.

    මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින්ගෙන් 1619 ක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

    කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත 384ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

    Latest News