MCC සමාලෝචන කමිටු වාර්තාව ජනපතිට භාර දේ

ජූනි 25, 2020

    'සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය' (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව අද (25) ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ මහතාට බාර දී තිබේ.

    ඊයේ (24) දිනයේ දී මෙම වාර්තාව අගමැතිවරයාට බාර දෙනු ලැබීය.

    'සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව' විසින් MCC ගිවිසුම සම්බන්ධයෙන් මාස 06ක කාලයක් අධ්‍යයනයක නිරත වූ අතර එහිදී විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගනු ලැබීය.

    ඉන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුව එම කමිටුව විසින් නිර්දේශ සහිත වාර්තාව සකස් කර ඇත.

    Latest News