මැද - පෙරදිග සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අවදානමේ

ජූනි 25, 2020

    මැදපෙරදිග කලාපයේ රටවලින් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බහුතරයකගේ රැකියා අවදානමට ලක්ව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනාවරණය කරයි.

    කාර්යාංශය සිදුකරන සමීක්ෂණයක් ඔස්සේ මෙම තොරතුරු අනාවරණය කර ඇත.

    කොවිඩ් වසංගතය හමුවේ නැවත මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ දත්ත රැස්කිරීමේ සමීක්ෂණයක් විදේශ සේවා කාර්යාංශය සිදුකරයි.

    ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වන රජයේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන තාක්කල් අඛණ්ඩව එය සිදුකරන බව එම කාර්යාංශය පවසයි.

    මෙම සමීක්ෂණයට අනුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවෙන සියලුම සංක්‍රමණික සේවකයන් ඔවුන්ට ලබාදී ඇති පෝරමයක් සම්පූර්ණ කළ යුතුව ඇත.

    මෙම සමීක්ෂණයේ අරමුණ වී ඇත්තේ ගෝලීය සෞඛ්‍ය අර්බුදය හමුවේ සංක්‍රමණික සේවකයන් මුහුණ දුන් අපහසුතා සහ අඩුපාඩු පිළිබඳ තොරතුරු රැස් කිරීමයි.

    එසේම නැවත පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා තක්සේරුකොට වසංගතයෙන් පසුව ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතතාව තහවුරු කිරීමද අරමුණ වී තිබේ.

    මෙම සමීක්ෂණයෙන් ලද තොරතුරු පිළිබඳව අදහස් පළකරන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ සඳහන් කරන්නේ දැනට ලංකාවට පැමිණ ඇති විදෙස් ගත ශ්‍රමිකයන් අතුරින් පිරිසකට වසංගතයෙන් පසු නැවත රැකියා ලබාදෙන බවට යුරෝපා රටවල සේවා යෝජකයන් එකඟතාව පළකර ඇතැයි ද සභාපතිවරයා සඳහන් කරයි.

    Latest News