උපකාරක පංති උපරිම සිසුන් සීමාව වෙනස් කිරීමට පියවර

ජූනි 25, 2020

    ඉඩ සීමාව තිබෙන උපකාරක පංති සඳහා ළමුන් 100 දෙනෙකුට වඩා ඇතුලත් කිරිමේ හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් සළකා බලන ලෙස ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත උපදෙස් ලබාදී ඇත.

    ඉඩ සීමාව තිබෙන අමතර පංති සඳහා දරුවන් අවම මට්ටමක් ගෙන එමෙන් තමන්ට දැඩි ගැටළුවක් ඇතිව තිබෙන බවට උපකාරක පංති පවත්වන ගුරුවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන බවයි, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ.

    ඒ අනුව සෞඛ්‍ය උපදෙස් මත එවැනි උපකාරක පංති සඳහා දැනට පනවා ඇති ළමුන් සීමාව වැඩි කිරිමට ඇති හැකියාව ගැන සොයා බලන ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත දැනුම් දී ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News