හොර ලේබල් ගැසූ කඩේට සීල්

දෙසැ 31, 2018

    මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ආහාර නිෂ්පාදනාගාරයක් පරීක්ෂාවට ලක් කෙරේ. කාත්තන්කුඩි නගර සභාව විසින් වැටලීම සිදුකරනු ලැබීය.

    ලුණුදෙහි, ග්ලූකෝස්, අසමෝදගන් ඇතුළු විවිධ රසකැවිලි වර්ග, ව්‍යාජ ලේබල් යොදා අලෙවි කිරීමට සුදානම්කර තිබිය දී සොයා ගැනිණ. එම ලේබල් විදේශ රටවල නාමයෙන් මුද්‍රණය කර, මෙරටට ගෙන්වා ඇති බව හෙළි වී තිබේ.

    මෙම නිෂ්පාදන මඩකලපුව, අම්පාර වැනි ප්‍රදේශවලට අලෙවි කර තිබිණ. සැකකරු වැටලීම සිදු කරන අවස්ථාවේ දී පළාගොස් තිබේ. ව්‍යාපාරික ස්ථානයට කාත්තන්කුඩි නගර සභාව විසින් මුද්‍රා තබා ඇත.

    Latest News