කේරල ගංජා කිලෝ 58 ක් අත්අඩංගුවට - වටිනාකම කෝටියක්

ජූනි 21, 2020

    රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 58 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනය කරච්චි දූපතේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

    උතුරු නාවික විධානයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී ඩිංගි යාත්‍රාවක් මාර්ගයෙන් කරච්චි මුහුදු සීමාවේදී රැගෙන එමින් සිටි අදාළ කේරල ගංජා තොගය අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

    ඒවා ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු ගොඩබීමට රැගෙන ඒමට උත්සහ දරා ඇති බව නාවික හමුදාව පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 ත් 40 ත් වයස් වන පසුවේ.

    වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත මෙම භාණ්ඩ හා සැකකරුවන් භාරදීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

    Latest News