විශේෂ කාර්යය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින් විසින් හංවැල්ල, ජල්තර, රණාල යන ප්රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තනිපුල්ලි ආරච්චිගේ දොන් ලකිත රවිශාන් ජයතිලක නොහොක් පුයිටා නමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු බව වාර්තා වේ.
එහිදී ඔහු ඉඳුනිල් කුමාර නොහොත් ඉන්ද්ර නමැති සැකකරු සමඟ දුරකතන අංකය කිහිපයක් ඔස්සේ සම්බන්ධ වෙමින් ජනතාවනේ අධික ලෙස කප්පම් ලබා ගැනීම සහ නීති විරෝධී ක්රියා සිදු කිරීමට කටයුතු කර තිබේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා හංවැල්ල පොලිස් ස්ථානයට භාරදී ඇති බව විශේෂ කාර්යය බලකාය පැවසීය.